වෙඩි වැඩී රෝහල් ගත කල පුද්ගලයා පිළිබඳ පොලිසියට සැකයක්..

Report

පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර ඇත.

මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO)

මොකක්ද මේ ශ්‍රීලංකාවට ලැබුණු අලුත්ම ස්ථානය ..(PHOTO/VIDEO)

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී ඇත.

අනූවන ඉලක්කය පෙනි පෙනී අතුරෙන් වැටුන ඇන්ටනී..

අනූවන ඉලක්කය පෙනි පෙනී අතුරෙන් වැටුන ඇන්ටනී..

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලීසිය සැකකරයි.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.