ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...
By Parami Dissanayake
ඉන්දුනීසියාවේ දී මගී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය .
මෙම ගුවන් යානය ගුවන්ගත වීම ආරම්භ කළ අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 48 දෙනෙකු සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සිට ඇති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම අනතුරින් පසුව මගීන් යානයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.