කලා - සංස්කෘතික කටයුතු පිලිබඳ මන්ත්‍රී සංසදයක්
By Hashini
දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා - සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාව ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ මෙම යෝජනාව පිළිබඳ සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.