නිදහස් උළෙලේ පෙර පුහුණුවීම් අතරේ පැරෂුටයක් පැටලී සෙබළුන් සිව්දෙදෙනෙක් ඇද වැටෙයි. - (VIDEO)
ගෝල්ෆේස් හීදි පැරෂුට් දෙකක් පැටලී හමුදා සෙබළුන් සිව්දෙදෙනෙක් අනතුරට ලක් වූ අතර ඉන් දෙදෙනෙක් ගොඩනැගිල්ලක් මතට ඇදවැටී තිබෙනවා.
ඒ, 76 වන නිදහස් උළෙල වෙනුවෙන් පැරෂුට සංදර්ශනය සඳහා පෙර පුහුණුවීම කරන අතරවාරයේදීයි.
ඉන් තුවාල ලැබූ හමුදා සෙබළුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.