දකුණු ලන්ඩනයේ බන්ධනාගාරයක සිර මැදිරියක් තුළදී රැඳවියකු සමඟ ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරිනියකට චෝදනා එල්ල වී ඇත.
අදාළ නිලධාරිනිය රැඳවියා සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යජාලයේ සංසරණය වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
30 හැවිරිදි ලින්ඩා ඩි සූසා නමැති එම නිලධාරිනිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඇයට එරෙහිව විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද ලන්ඩන් නුවර මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අදාළ සිදුවීමේදී ඇය සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටි බව වීඩියෝ පටයෙන් අනාවරණය වී ඇති අතර, ඇයට එරෙහිව විෂමාචාර චෝදනා ගොනු කර ඇත.
ඇය ඊයේ ලන්ඩන් නුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.