සියලු වාහන හිමියන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.. හැමෝම මේ ගැන දැනුවත් වන්න..
මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් කළ වාහනය භාවිත කළ පෙර අයිතිකරුවන්ගේ පූර්ණ ලයිස්තුව 2023 මැයි 17 වන දින සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ආසන්නම පෙර හිමි කරුවාගේ තොරතුරු පමණක් සහතිකයේ ඇතුළත් කරනු ඇති බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක දත්ත ගොනුවේ පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු දිගටම පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වාහනයක් අලෙවි කිරීමට යෑමේ දී මෙම පෙර අයිතිකරුවන් ලයිස්තුව මෝටර් රථය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පැවතීම විශාල ගැටලුවක් බව ට දිගින් දිගටම ප්‍රකාශ වීම නිසා මෙම තීරණය ගත් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |