ඔයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෝල් එකක් මැසේජ් එකක් ආවද..වහාම මේ ගැන දැනුවත් වෙලා ඉන්න..

Sri Lanka Police Sri Lanka Ministry of Health Sri Lanka
By Piyumika Nov 11, 2024 02:24 AM GMT
Piyumika

Piyumika

Report

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරී‍මේ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය නිවේදනය කර සිටියේ කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙක් දුරකතන, වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බවයි.

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

එහෙනම් මෙන්න මේක තමා හේතුව ..තාක්ෂණික ශිල්පියාගේ ඇඳ යටින් හමුවූ දේ..

එවැනි වංචාකරුවන්හට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර සිටි.

එමෙන්ම එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කර සිටි.

ReeCha