අවසන් ගැටුමේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම් දීමක්.

Report

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඒ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (14) පැවැති තරඟයෙන් කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරමින්.

අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එළඹෙන ඉරිදා (17) පැවැත්වෙනවා.

අවසන් මහා තරඟයේ ප්‍රවේශපත්‍ර රැසක් මේ වනවිට විකිණී අවසන් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ C,D ඉහළ සහ පහළ කොටස්වල ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බවය.

මේ වනවිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැක්කේ A කොටසේ ඉහළ සහ පහළ, B කොටසේ ඉහළ සහ පහළ, ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ටිකට් පත් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ලෝලීන්ට වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා. 

මුලු රටේම හඳගැස්ම මොහොතකට නතර කරමින් ඊයේ රෑ ලංකාවට සිදුවූ දේ මෙන්න..

මුලු රටේම හඳගැස්ම මොහොතකට නතර කරමින් ඊයේ රෑ ලංකාවට සිදුවූ දේ මෙන්න..