කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...
By Parami Dissanayake
කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, අද (31) රාත්‍රීයේ දී කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ රාත්‍රී 8 සිට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති බව යි.