රට රැකියාවක සිහින දකින ඔබටයි මේ දැනුම් දීම..

Report

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබටයි මේ දැනුම්දීම ...අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාර්ගයක් වසාදැමේ..

ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබටයි මේ දැනුම්දීම ...අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මාර්ගයක් වසාදැමේ..

E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැති බවයි කාර්යාංශය පවසන්නේ.

ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී වෙනවා.

විවේචන තිබියදීත NPP ආණ්ඩුව දෙන්න යන දේශපාලන පත්වීම් ...

විවේචන තිබියදීත NPP ආණ්ඩුව දෙන්න යන දේශපාලන පත්වීම් ...

එවන් කටයුතු වලට හසුවී හෝ අනුබලදෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රට රැකියාවක සිහින දකින ඔබටයි මේ දැනුම් දීම.. | A Notice About E 8 Visa Employment Scams


You may like this video

Gallery