ශ්‍රී ලංකාව ආසන්නයේ නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්. (VIDEO)

By Wayomi Apr 26, 2023 10:14 AM GMT
Report

ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා කියා සිටියේ, එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

ඔවුන් පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරටයි.

ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුව තිබෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW