ඩෑන්ගේ කේස් එක ගැන ඇහෙන ඇඟ හිරි වැටෙන අලුත් කතාව

Police spokesman Crime Law and Order Murder Sinhala news
By Mithu Apr 24, 2025 03:40 AM GMT
Mithu

Mithu

Report

ඩෑන් ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් සමාජයේ මේ වන විට විවිධ මත නිර්මාණය වෙලා තියෙනවා.ඇත්තටම ඩෑන්ව මැරුවේ ඇයි ? මේක පෞද්ගලික පලිගැනීමක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික පළිගැනීමක්ද යන්න වෙනවද මේවන විටත් විමර්ශන සිදුවෙමින් පවතිනවා. ඒ අතරින් ඔහුගේ මරණය පිළිබඳව ඇසෙන තවත් ආන්දෝලාත්මක කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් වශයෙන් කොලොන්නව නගර සභාවට තරග කරන්න සූදානමින් සිටියා. කෙසේ නමුත් ඒ සියලු දේවල් එක්ක බලද්දී අද වෙද්දි ඩෑන් ජීවතුන් අතර නෑ.උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරන ආකාරයට ඩෑන්ගේ මෙම සිදුවීමට මූලිකම හේතුව වෙලා තියෙන්නේ පෞද්ගලික කරුණක්.හැබැයි මේ කිසිම දෙයක සත්‍ය අසාධ්‍යතාවය පෙළඹඳව තාම තීරණය කරලා නැහැ.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

ඩෑන් ප්‍රියසාද්, වෙඩික්කරුවන්ගේ ගොදුරක් බවට පත් වන්නේ සිය බිරියගේ සහෝදරිය විසින් සංවිධාන කළ සාදයකට සහභාගි වීමට කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයට ගොස් සිටියදීයි. හය වැනි මහලේ නිවෙසක පැවති එම සාදයට සහභාගි වීමට ඩෑන් ප්‍රියසාද් ගොස් ඇත්තේ මීතොටමුල්ලේ සිට බව සඳහන්.

ඒ සිය බිරිය හා දරුවන් දෙදනා සමඟිනි. මේ සාදය ඩෑන් ප්‍රියසාද් විසින් බිරියගේ සහෝදරියගෙන් ඉල්ලා සිටි සාදයක් බව පොලීසිය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සහෝදරියගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළා.

ඇගෙන් ඒ සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු විමසා ඇත්තේ ඇය පොලිස් භාරයේ තබාගෙන බව ද සඳහන්. මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සාදයට පැමිණි දෙදෙනකු ද සිටින බව පොලීසිය සඳහන් කළා. මෙම ඝාතනය මූලික සැකය පිය පුතු දෙදෙනෙකුට එල්ල වන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින අතර අධිකරණය ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවුවා.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

සිය සහෝදරයා ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන්ට ත්‍රිරෝද රථයක් දුන් බව කියන පුද්ගලයකු සමඟ ද ඩෑන් ප්‍රියසාද් යම් ආරවුලක පැටලී සිට ඇති බවට තොරතුරු ද පොලීසියට ලැබී ඇති අතර, එම පුද්ගලයා සම්බන්ධයෙන් ද පොලීසිය විමර්ශන සිදුකරනු ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබුණා.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඩෑන් ප්‍රියසාද් නිවාස සංකීර්ණයට පැමිණ සාදයේ සිටින බවට යම් පුද්ගලයකු විසින් වෙඩික්කරුට හෝ මෙම ඝාතනයේ සැලසුම්කරුට දුන් දුරකතන ඇමතුමකට අනුව බව පොලීසිය සැක කරනවා... ඇතැම් විට එම සාදය පැවති ස්ථානයේ හෝ ඒ ආසන්න ස්ථානයක රැඳී සිටියකු ඊට සම්බන්ධව සිටින්නට ඇති බව සැකකරන පොලීසිය දුරකතන ජාල පරීක්ෂාවක් ඔස්සේ එම පුද්ගලයා හඳුනා ගැනීමට ද විමර්ශන පවත්වනු ලබනවා.

පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ අපරාධකරුවන් රැසකට එරෙහිව පසුගිය කාලයේ ඩෑන් ප්‍රියසාද්ගේ නායකත්වයෙන් කොළඹදී විරෝධතාවක් ද පවත්වනු ලැබුවා.

ඩෑන්ගේ මරණය ගැන සැකයක්.. – ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දිගු වෙයි (VIDEO)

ඩෑන්ගේ මරණය ගැන සැකයක්.. – ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දිගු වෙයි (VIDEO)

කෙසේ වෙතත් මේ සිදුවීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූ බව තමයි බහුතරයක් දෙනාගේ මතය නමුත් ඒ පිළිබඳව තවම නිශ්චිත සාක්‍ෂි නොමැති බැවින් මේ විමර්ශන මට්ටමේ පවතින සිදුවීමක් බවත් මතක් කළ යුතුයි.

ReeCha