උතුරු පළාතට නව විදුලි බලාගාරයක්.

Report

උතුරු පළාතේ නව පුනර්ජනනීය බලාගාරයක් ඉදිකිරීමට තීරණය කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස් ප්‍රකාශ කර තිබෙනවා.

සුර්ය පැනල ක්‍රමය යටතේ මුලතිව් පුනරීන් ප්‍රදේශයේ අක්කර 6000ක භුමි ප්‍රමාණයක මෙම විදුලි උත්පාදන බලාගාරය ඉදි කරනු ලබන බවයි ආණ්ඩුකාරවරිය පැවසුවේ.

එයින් අක්කර 1000ක මෙගාවොට් 700ක සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකියාවක් පවතිනවා.

ඇමරිකානු සමාගමක් විසින් මෙම නව විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක වියදමකින් ස්ථාපිත කිරීමට නියමිතයි.