දමිතව කපලා උඩට ගිය හේෂට අලුත් තනතුරක්
පසුගිය කාල සීමාවේදී හේෂා විතාරණ ඇමැතිතුමා පිළිබඳව වැඩි වශයෙන් සමාජයේ කතා බහ කරන්න පටන් ගත්තා.ඒ අපේක්ෂිකාවක් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ දමිතා අබේරත්නගේ නාමයෝජනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළා යැයි කියන කතාවත් එක්ක.ඒ කෙසේ නමුත් දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වන හේෂට ලැබුණු අලුත් තනතුරක් ගැන තමයි මේ විස්තරේ.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේක්ෂා විතානගේ මහතා පත් විය.
කාරක සභාවේ මංගල රැස්වීම අද (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මහතාගේ නම යෝජනා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා යෝජනාව ස්ථිර කළේය.