නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්..

By krishani Oct 21, 2022 06:54 AM GMT
Report

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන්නේ නම් වෘත්තීය අවදානම මත පදනම්ව එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් ඒ මහතා  පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join