නාමල්ට හයිය වෙන්න එකතු වෙච්ච තරුණ ගැම්මක්
මතවාදීව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන්ට එකඟ තරුණ විද්වතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ස්වේච්ඡා නායකයින් හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු තරුණ නායකයින්ගෙන් සැදුම්ලත් "Lotus Movement" (නෙළුම් ව්‍යාපාරය) සංවිධානයේ ජාතික සභාවේ සාමාජිකයින් නම් කිරීම හා වැඩ භාර ගැනීමේ උත්සවය කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ නායකත්වය ශක්තිමත් කිරීම, යහපත් සදාචාරාත්මක නායකයින් බිහිකිරීම හා සමාජයේ සාමය, සමානාත්මතාවය හා තිරසාර සංවර්ධනය ඇති කිරීමේ අරමුණින් ආරම්භ වූ බව වාර්තා වේ. එහි විශේෂඥත්වය වන්නේ තරුණ වෘත්තිකයින්, ව්‍යවසායකයින්, දේශපාලන ක්‍රියාකාරීන් හා ස්වේච්ඡා සේවකයින් රට පුරා එක්රැස් කිරීමයි.
මෙම උත්සවය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ අංශය සමඟ සම්බන්ධව සංවිධානය කර ඇති අතර, එමඟින් තරුණයින්ට නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හා රටේ අනාගතය ගොඩනැගීමට අවස්ථාව සලසා දීම අරමුණු කර ඇත.
Lotus Movement තුළින් තරුණයින්ගේ ගැටලු සාකච්ඡා කිරීම, මතවාද ඉදිරිපත් කිරීම හා නායකත්ව පුහුණුව ලබාදීම වැනි වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. සංවිධානයට එක්වීම සඳහා lotusm.org වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකිය.











