දරුවෙකුට ආදරය, රැකවරණය ලබාදෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම අපේ අරමුණයි – අගමැති

Report

පාසල තුළ යහපත් මනෝ සමාජීය පරිසරයක් නිර්මාණය කිරීමට අධ්‍යාපන පද්ධතියේ සියලුම නිලධාරීන් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, දරුවෙකුට ආදරය, රැකවරණය ලබා දෙන විශ්වාසදායක තැනක් බවට පාසල පත් කිරීම සිය අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඊයේ (20) ශිෂ්‍ය උපදේශන, වෘත්තීය මාර්ගෝපදේශ විෂය රාමුව සහ මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම ඇතුළු පාසල් තුළ ශිෂ්‍ය උපදේශන, වෘත්තීය මාර්ගෝපදේශ ඒකක පිහිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

පාසල් සිසුන්ගේ මනෝ සමාජීය යහපැවැත්ම වර්ධනය කරමින්, ගුණාත්මක වෘත්තීය මාවතකට එළඹීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, රූම් ටු රීඩ් ශ්‍රී ලංකා  ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

එහිදී එළි දැක්වූ උපදේශන සහ මාර්ගෝපදේශන සංග්‍රහය යටතේ ශිෂ්‍ය උපදේශනය පිළිබඳ ධාරිතා සංවර්ධන මොඩියුලය, පාසල් උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ඒකක කළමනාකරණය පිළිබඳ අත්පොත සහ 21 වන සියවසට නිපුණතා අධ්‍යයන මොඩියුලය ලෙස උපදේශන ගුරුවරුන්ගේ වෘත්තීය දැනුම නංවාලීමට උපකාරී වන කෘති සම්පාදනය කර තිබුණා.

ඒ අනුව උපදේශන ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනන වැඩසටහන්, සිසුන් ගැටලුවලට පෙලඹීම වළක්වාලීම සඳහා වූ ක්‍රියාකාරකම් සහ ඒ සඳහා දෙමාපිය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ වැඩසටහන්ද සිදුකෙරෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය , “සමාජයක් වෙනස් කරන යහපත් පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනය මගින් සිදුකරන ප්‍රධාන කාර්යයක්. එය එසේ කිරීමට අවශ්‍ය යහපත් හා ආරක්ෂිත පරිසරයක් පාසල් තුළ නිර්මාණය කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගන්නවා.

මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරන්නේ වඩා සුරක්ෂිත ලෝකයක් තුළ සිසු දරුවන්ට සිය අනාගත සිහින කරා යාමට අවශ්‍ය මං පෙත් විවර කර දීමයි.” මේ අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, රූම් ටු රීඩ් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය අධ්‍යක්ෂ කන්දයියා පත්මනාදන් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ සිසු දරුවන් පිරිසක්ද සහභාගී වී සිටියා.

කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අල්ලයි

කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අල්ලයි