සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා දිනය සමරයි

Report

මාර්තු 11 අයෝරා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම උත්සවය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සාගර පාලනයේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම, පාරිසරික තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංගමයේ මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

2026 වසර සඳහා අයෝරා දින තේමාව වන ‘අයෝරා ජීවන තත්ත්වය නංවාලයි’ යන තේමාව යටතේ ඉන්දියානු සාගර කලාපයේ ප්‍රජාවන්ගේ යහපැවැත්ම හා ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා කලාපීය සහයෝගීතාවේ වැදගත්කම මෙහිදී ඉස්මතු විය.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කළේ, නව විවෘත කළ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය ඉන්දියානු සාගර කලාපය පුරා විද්‍යාව පාදක සාගර පාලනයට සහය වීම සඳහා පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ශක්‍යතා සංවර්ධනය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් බවත්, එය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සන්ධිස්ථානයක් බවත්ය.

අයෝරා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව් රන්ජ්‍න් මහතාගේ පණිවිඩය මාර්ගගත ආකාරයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

උත්සවය අතරතුර වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් ද ආරම්භ වූ අතර, එහි ප්‍රධාන දේශනය බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා විසින් සිදු කෙරිණි.

අයෝරා සාමාජික රටවල්, සංවාද හවුල්කරු රටවල්, නිරීක්ෂක රටවල් සහ ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි පාර්ශ්වකරුවන් ඇතුළු විශාල පිරිසක් භෞතිකව හා මාර්ගගතව මෙම වැඩසටහනට එක්ව සිටියහ.

ඉරාකයේ අර්බිල්හි ඉතාලි හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ අර්බිල්හි ඉතාලි හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක්

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - බලන් හිටිය ඇති

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - බලන් හිටිය ඇති