මුදල් අමාත්‍යංශයෙන් අලුත් බලපත්‍රයක්
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ගල්ඔය වැවිලි සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වී තිබෙනවා.
හිඟුරාන සීනි සමාගම මේ වනවිට ගල්ඔය වැවිලි සමාගම විසින් පාලනය කෙරෙන බැවින් ඔවුන්ට මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදිය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
හිඟුරාන සීනි සමාගම යටතේ සිදු කෙරුණු මත්පැන් නිෂ්පාදන ව්‍යාපාරය මේ වනවිට වෙනත් පාර්ශ්වයක් විසින් පූගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබේ.
බ්‍රව්න්ස් සමාගම සහ LOLC සමාගම සතුව ගල්ඔය වැවිලි සමාගමේ කොටස් 49%ක ප්‍රමාණයක් ඇත. එම සමාගම් දෙකේම හිමිකරු වන්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරිකයකු වන ඉෂාර නානායක්කාර ය.