ජනපති නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක් අවශ්‍ය බව කියයි.

By Hashini Sep 28, 2023 10:44 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජාත්‍යන්තර මුල්‍ය සැලැස්මක් අවශ්‍ය බව පවසනවා.

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ බැවින් නව ජාත්‍යන්තර මූල්‍ය සැලැස්මක අවශ්‍යතාව පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2023 වන විට රටේ දේශගුණ සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වන අතර IMF තීරණවලට අනුව ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වුවහොත් ශ්‍රී ලංකාව 3.5%ක වර්ධන වේගයක් අත්කර ගන්නවා යැයිද ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පැවසුවා.

ඊයේ අලුයම (27) සිවුදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියා.