ජල ගාස්තු සඳහා නව සූත්‍රයක්. - විශේෂ ආයතන කිහිපයකට අඩු මිලට ජලය.
By Wayomi
ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්,
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම එමගින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.
මේ අතර වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජීවන් තොණ්ඩමන් වැඩිදුරටත් සඳහන් කළා.