සුරා බදු දෙපාර්තමේන්තුවේ අලුත් වෙනසක්.- රජයෙන් කරන්න යන දේ මෙන්න.

Sri Lanka Cabinet Government Of Sri Lanka Excise Department of Sri Lanka
By Wayomi May 23, 2024 08:54 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් වුවද එහි ආදායම් පරිපාලන කාර්යයන් සඳහා උපකාර කර ගැනීමට දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින පැරණි පද්ධතීන් අකාර්යක්ෂම වීම,ඉන් සිදුවන ආදායම් කාන්දු වීමට හා අක්‍රමිකතා වැනි දුර්වලතා ඇතිවීමට හේතු වී තිබෙනවා.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික IS ත්‍රස්ත සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්. - තොරතුරු රැසක් එළියට. - (VIDEO)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලාංකික IS ත්‍රස්ත සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්. - තොරතුරු රැසක් එළියට. - (VIDEO)


රජය පවසන්නේ, මේ හේතුවෙන් මහජනතාවට හා අදාළ වෙනත් පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමටද අපහසු වී ඇති බවත්,අනෙකුත් ආයතන වල තොරතුරු තාක්ෂණ පද්ධතින් සමඟ ඒකාබද්ධ වී කටයුතු කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව ඇති බවත්ය.

ඒ අනුව සියලුම දත්ත හුවමාරුව, අවදානම් කළමනාකරණය හා ආදායම් සැසඳුම යන මූලික කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරාබද දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් හඳුන්වාදීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.  

.........................................

May you Like


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%