විදේශ සංචිතවල නව වෙනසක්...

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව දැක්වෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2024 ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.

ජනපති රනිල් හමු වූ නීති සිසුන්...

ජනපති රනිල් හමු වූ නීති සිසුන්...

එමෙන් ම, නිල සංචිත වත්කම්හි ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් වන අතර,මෙය 2024 ජුනි මාසයේදී වාර්තා වී ඇති ඩොලර් මිලියන 5,605 ට වඩා 0.6% ක අඩුවීමකි.

එපමණක් නොව, ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජුලි මාසය තුළදී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

පරිගනක උපාංගවල සඟවා එවූ අයිස් තොගය...(PHOTOS)

පරිගනක උපාංගවල සඟවා එවූ අයිස් තොගය...(PHOTOS)

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වේ.

කෙසේ වෙතත්, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.