රට පුරාම අප්‍රේල් මුල් සතියේ සිදුවන දේ - ඔබත් අදම දැනුවත්වන්න..

Sri Lankan protests Government Employee Strike Sri Lanka Sri Lanka Anti-Govt Protest Latest Headlines
By Sewvandhi Mar 22, 2024 10:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග අද (22) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත්තේ,ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින්ය.

පසුගියදා අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී විධායක නිලධාරීන්ට බලපා ඇති ආර්ථික දුෂ්කරතා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බව ද එම කමිටුව සඳහන් කරයි.

මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, එසේ නොවුණොත් නිසැක වශයෙන්ම වැඩවර්ජනයකට යන බව ද පැවසීය.

අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වෘත්තීය සමිතිය, ගණකාධිකාරී වෘත්තීය සමිතිය හා විභාග දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිය ඇතුළු සියලු සංගම්වල සහභාගීත්වයෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.