වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..
ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට බොලිවියාව කටයුතු කර තිබෙනවා.
ඒ එරට පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ය.
බොලිවියාවේ ලැව්ගිනි 72ක් මේ වනවිට සක්‍රීයව පවතින අතර එමගින් විනාශ වී ඇති වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3 ඉක්මවයි.
දින කිහිපයක සිට බොලිවියාවේ දරුණු ලැව් ගිනි ආපදා කිහිපයක් පැතිර යමින් පවතී.
ඒ හේතුවෙන් එරට ලා පාස් අගනුවර ඇතුළු නගර කිහිපයකම වායු ගුණාත්මක බව පහළ ගොස් ඇත.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ජාතික හදිසි තත්ත්වයක් නිවේදනය කිරීමට රජය පියවර ගෙන ඇත.
ඉන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වන්නේ සැන්ටා කෘෘස් නගරයෙන් වන අතර ලා පාස් අගනුවර ආශ්‍රිතව ද ලැව්ගිනි ආපදාවක් වාර්තා වේ.
ලැව්ගිනි පාලනයට ගිනි නිවන සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, 2010 වසරෙන් පසුව බොලිවියාවෙන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම වසරේ දී ය.