අවු.6කට පස්සේ කොල්ලෙක්ට ආව පුදුම හිතෙන අමුතුම කෝල් එක..

Report

පෙරේදා (26) දින මුම්බායි ජාතිකයෙකුට අමුතුම දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

අවු.6කට පස්සේ කොල්ලෙක්ට ආව පුදුම හිතෙන අමුතුම කෝල් එක.. | A Mumbai Man Who Placed An Order On Flipkart

ඒ මීට වසර හයකට පෙර Flipkart හි ඇණවුමක් කළ ඔහුට ඒ පිළිබඳ දැනුම් දීමටයි.

Ahsan Kharbai නම් තරුණයා 2018 මැයි මාසයේ දී Sparx සෙරෙප්පු යුගලයක් ඇණවුම් කර තිබෙනවා.

නමුත් ඒවා මෙතෙක් ඔහුට ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව ඔන්ලයින් විකුනුම් වේදිකාවක් වන Flipkartහි නිලධාරියෙක් වසර හයකට පෙර ඔහු ඇණවුම් කළ සෙරෙප්පු යුගලය ගැන විමසා තිබෙනවා.

එම සිදුවීම හාස්‍ය උපදවන කාරණයක් බව Ahsan විසින් xහි සදහන් කර ඇත.

ඔහු 2018 මැයි 16 වන දින රුපියල් 485 ක් වටිනා Sparx සෙරෙප්පු යුගලයක් ඇණවුම් කර තිබෙනවා.

ඇණවුම් විස්තර අනුව, සෙරෙප්පු අදාළ සමාගමෙන් බෙදා හැරීම සදහා නිකුත් කර ඇත්තේ 2018 මැයි 19 වන දිනයි.

කෙසේ වෙතත්, ඇණවුම 2024 වන තෙක් ඔහුට ලැබී නොමැත.

නමුත්, වසර 6 කට පසු Flipkart මගින් එම ඇණවුම ගැන විමසීම සිනහා උපදවන කරුණක් ලෙස එම අදාළ තරුණයා සමාජ මාධ්‍ය වේදිකාවල සදහන් කර තිබෙනවා.