දරුවන් තිදෙනකුව ලිංගික අපයෝජනය කළ භික්ෂුව - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන පුවත

By Sewvandhi Sep 14, 2022 03:48 PM GMT
Report

කුඩා දරුවන් තිදෙනෙකු විහාරස්ථානයක් තුළ දී ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ හිමි නමක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එම හිමිනම සැප්තැම්බර් 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කල්මුණේ මහේස්ත්‍රාත්වරයා අද(14) නියෝග කළේ.

දෙමවුපියන් විසින් කල්මුණේ විහාරස්ථානය භාරදුන් දරුවන් තිදෙනා හදිසියේ රෝගාතුර වීම නිසා පසුගිය මස අගභාගයේ දී ඔවුන් විසින් මෙම දරුවන් රෝහල් ගත කර තිබෙනවා.

එහි දී සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේ දී දරුවන් තිදෙනා ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව හෙළි වී ඇති අතර පසුව සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී එම දරුවන් පවසා ඇත්තේ අදාළ භික්‍ෂූව විසින් අවස්ථා කිහිපයක දී ම තමන් ලිංගික අපයෝජනයට ලක් කළ බවයි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් කල්මුනේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහි දී හිමිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now