ජංගම දුරකථන සිම්පත ලියාපදිංචියට ජංගම සේවාවක්...විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දැනුම්දීමක්...

Huawei Mobile Samsung Galaxy Mobile Sri Lanka
By Hashini Nov 11, 2023 03:44 AM GMT
Hashini

Hashini

Report

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්ත ව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් තමන් භාවිත කරන සිම්පත තමන් ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව එම කොමිෂන් සභාව පවසනවා.

එසේම තමන් ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත් වි ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත් ව සිටිය යුතු බව ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාව දැනුම් දෙන්නේ තම දුරකථනයෙන් #132# අංකය ඇමතීමෙන් තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ ඇති දුරකථන අංකයන් දැනගැනීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම තමන් ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වි ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ තමන් එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් එහි වගකිම තමන්ට දැරීමට සිදුව වන බවයි.

තමන් භාවිතා කරනු ලබන සිම්පත් තමා ගේ නමට ලියාපදිංචි වී නොමැති නම් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම සමඟ සම්බන්ධ වී සිම්පත ලියාපදිංචි කර ගැනීමට කටයුතු කරන ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙනවා. 

ReeCha