හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - 08 දෙනෙක් ජිවිතක්ෂයට..

By krishani Sep 19, 2023 03:40 PM GMT
Report

කෙන්යාවේ හමුදා හෙලිකොප්ටරයක් ලාමු වෙරළබඩ ප්‍රාන්තයේ මුර සංචාරයේ යෙදී සිටිය දී කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් එහි සිටි සියලුම කාර්යය මණ්ඩලය මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එය සෝමාලියා දේශ සීමාවේ පිහිටි Boni වනාන්තරයට කඩා වැටී ඇති බවයි.

සෝමාලියානු සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විශ්වාස කරන අතර හෙලිකොප්ටරයේ සිටි සියලුම හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 8දෙනාම මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායමක් Boni වනාන්තරය පිහිටි ස්ථානයට යවා ඇත.