අනියම් පෙමට ගිනි තැබූ අනියම් බිරිද..
By Piyumika
අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලීසිය වාර්තා කර තිබේ .
මරදන්කේනි තාලයඩි ප්‍රදේශයේදී ඉකුත් 20 දින නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහු බරපතල තුවාල ලබා තිබුණු බවයි පොලිසිය පැවසුවේ .
පසුව මරදන්කේනි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා ගිනි තබා ඝාතනය කර ඇති බවට අනාවරණය කොටගෙන ඇත.
මෙසේ මියගොස් තිබුණේ අවුරුදු 43ක මරදන් කේනි ප්‍රදේශයේ පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරි අවුරුදු 47ක තාලඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මරදන් කේනි පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.