එන්නතකින් පසු රෝගියෙකු ජීවිතක්ෂයට..!

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 30, 2024 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය අමාත්‍යංශය විසින්, රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

කො - ඇමොක්සික්ලේව් නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබේ.

කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබු බව සඳහන් වෙයි.

ReeCha