පුටින්ගෙන් කිම්ට ලැබුණ වටිනා තෑග්ග.. (PHOTOS)
By krishani
රුසියානු ජනාධිපති Vladimir Putin විසින් උතුරු කොරියානු නායක Kim Jong Unට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව limousine රථය Kimගේ ප්‍රබල සහයකයින් වෙත ලබා දී ඇති බව Pyongyang හි රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය.
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූ රටවල් දෙක සමීප සබඳතා ගොඩනඟා ගැනීමේ උත්සාහයක නිරත වන බව පැවසේ.
රටවල් දෙකටම ජාත්‍යන්තර සම්බාධක පනවා තිබියදීත්, උතුරු කොරියාව යුද්ධය සඳහා කාලතුවක්කු, රොකට් සහ බැලස්ටික් මිසයිල රුසියාවට සපයනු ඇති බව වාර්තා වේ.
Kim Jong-un මෝටර් රථ ලෝලියෙකු වන අතර සුඛෝපභෝගී විදේශීය වාහන එකතුවක් ද ඔහුට තිබෙනවා.
කෙසේ වෙතත්, උතුරු කොරියාවට මෙම තෑගි ලබාදීම සම්බන්ධයෙන් දකුණු කොරියාව ද අදහස් පළ කර ඇති බව වාර්තා වේ.