අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට විශාල පිරිසක්.(PHOTOS)
ඇසළ පුර පසළොස්වක පෝය දින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් අද (01) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටින බව වාර්තා වනවා.
පෝය නිමිත්තෙන් ශ්‍රි දළදා මාලිගාව කේන්ද්‍ර කොට ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණු අතර ඓතිහාසික මඟුල් මඩුව කේන්ද්‍ර කොට සීල ව්‍යාපාරයක් ද පැවැත්විණි.
සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංවිධාන කොට තිබුණා.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක කටයුතු සංවිධාන කොට තිබුණේ ශ්‍රී දළදා මාලිගා පොලීසිය විසින්.
ශ්‍රී දළදා මාලිගාවට සමගාමීව නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවලයන් ද මහනුවර බහිරවකන්ද ශ්‍රී මහ බෝධි විහාරය, තපෝවනය සහ ගැටඹේ රාජෝපවනාරාම විහාරය ඇතුලු සියලු බෞද්ධ සිද්ධස්ථානවල ආගමික වැඩසටහන් පැවැත්විණි.
මීට අදාල ඡායා රූපයන් පහතින්,
නදීක දයා බණ්ඩාර - මහනුවර






