උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි..ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න..
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ පහත වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
www.doenets.lk
http://www.results.exams.gov.lk
මේ අතර, මෙවර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ කටයුතු සඳහා ගුරුවරුන් 20,000ක් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු 1,100ක් පමණ සහභාගි වූහ.
2022 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා අවසන් විය.
පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709ක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියහ.
මේ අතර, උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ කටයුතු අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

