උසස් පෙළ වෙනුවෙන් අද සිට විශේෂ සේවා රැසක් - සෙනසුරාදා දිනවල විභාගය පැවැත්වෙන කාලසීමාවේ මේ කටයුතු අත්හිටුවන බව දන්වයි
උසස් පෙළ විභාගය සඳහා අද (10) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
ඒ අනුව එහි අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ ඒ සඳහා සිසු සැරිය බස් රථ 1,700 ක් පමණ යොදවා තිබෙන බවයි.
එසේම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වන තුරු පාසල් බස් සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි.
අද සිට ඇරඹෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - විභාගයට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් පැමිණිය යුතුයි
ඒ අනුව විභාගය හේතුවෙන් පාසල් බස් සේවා අඛණ්ඩව ධාවනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවලංගු කිරීමකින් තොරව, සාමාන්‍ය කාලසටහන් යටතේ දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ සෙනසුරාදා දිනවල විභාගය පැවැත්වෙන කාලසීමාවේ සිදුකෙරෙන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.