උසස් පෙළ සමත්වන සිසුන්ට ඇත්තටම සිදුවන දේ..විශ්වවිද්‍යාල ප්‍රවේශයත් අහිමි වෙයි..

Report

උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ බොහෝ පිරිසකට රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එම පිරිසට පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා හෝ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලබාදිය යුතු බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.

මේ අතර මෙරට උසස් පෙළ උගන්වන බොහෝ පාසල්වල විද්‍යා විෂය ධාරාව නොමැති බව සම්පත් අමරතුංග මහතා කියා සිටියා.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය ප්‍රමාණවත්ව සිදුනොවන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now