සම්බාහනය මුවාවෙන් සුරූපී කතුන් අඩු මුදලට කරපු වැඩේ මාට්ටු වෙයි..කතුන් 11ක් ඉදලා..

Report

පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන ආයතන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කර සිටිනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා පවසන්නේ, හිඟුරක්ගොඩ අධිකරණය මගින් සෝදිසි මෙහෙයුම් වරෙන්තු ලබාගෙන මෙම වැටලීම සිදුකළ බවයි.

රටම කම්පාවූ PHI ඝාතනයේ සුල මුල හෙළිවෙයි..ඝාතකයා සියල්ල වමාරයි..

රටම කම්පාවූ PHI ඝාතනයේ සුල මුල හෙළිවෙයි..ඝාතකයා සියල්ල වමාරයි..


අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොනරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත්, 35 යන වයසේ පසු වන්නන් බවයි, ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරන්නේ.

පොලිසිය ප්‍රකාශ කළේ, ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බවයි.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..

අද ඔබ මේ ලග්නයේ නම් සියලු සැප සම්පත් ලැබෙන වාසනාවන්ත දවසක්..ගුරු වෘත්තියේ අයටත් අද ඉතාමත් ශුභයි..


මේ අතර, මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.