ඕස්ට්‍රේලියාවේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර ..(VIDEO/PHOTO)
By Piyumika
ඔස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්ත කෙයාන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා විය.
එම අනතුරෙන් එම යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබුණි. යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ නියමුවා පමණක් බව මාධ්‍ය වාර්තා කර ඇත .
අද උදෑසන එරට වේලාවෙන් 01:50ට පමණ එම අනතුර සිදුව ඇති අතර බලධාරීන් පවසන්නේ එම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.
හෝටලයේ සිටි අමුත්තන් දෙදෙනෙක් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය යහපත් බව සඳහන් වේ.