අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්...

By Parami Dissanayake Aug 14, 2024 01:52 PM GMT
Report

අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම රෝගී තත්ත්වය සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර සම්ප්‍රේෂණය වේ.

මේ හේතුවෙන් ආසාදනයන්, උණ, මාංශ පේශි කැක්කුම සහ ශරීරය පුරා තුවාල වැනි රෝග ලක්ෂණ ඇති කරන බව සඳහන් ය.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ, මෙම වසර ආරම්භයේ සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රෝගීන් 13,700කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 450ක් මන්කිෆොක්ස් රෝගය හේතුවෙන් වාර්තා වී ඇති බවයි.