විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් කොටු...

Report

ගත වූ දින 5 ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් 12 දෙනෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර්, නවසීලන්තය, මැලේසියාව, රැමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ තැනැත්තන් අත්අඩංගුවට පත්ව ඇත.

ඔලිම්පික් කට උඩ තියෙද්දී මොකක්ද මේ උනේ...?

ඔලිම්පික් කට උඩ තියෙද්දී මොකක්ද මේ උනේ...?

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු 12 දෙනෙක් බව වාර්තා වේ.

මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ නීති විරෝධී ආයතනයක්ද කුරුණෑගල ප්‍රදේශයේ දී වටලා ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා.

එහි තිබී ජිව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක් නිලධාරීන් භාරයට ගත් බව සඳහන් වේ.