කොහොමද මෙහෙම හිතුවේවත්..? කුඩා දැරියකට බිහිසුණු අපරාධයක් කළ ආච්චිඅම්මා..

By Sewvandhi Jan 21, 2024 02:54 PM GMT
Report

විදෙස් මාධ්‍ය කුඩා දැරියක් ළිඳකට තල්ලුකර ඝාතනය කිරීමේ සංවේදී පුවතක් වර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ නෝන්රා ගම්මානයෙනි.

එම දැරියගේ මිත්තණිය විසින් 10 හැවිරිදි වියේ පසුවන දැරියව ළිඳට දමා ඇති බවට සැකපළකරන බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ප්‍රදේශවාසින් විසින් දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙයි.ඊයේ (20) පෙරවරු 10ට පමණ මෙය සිදුව ඇති අතර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 10 හැවිරිදී වියේ පසුවූ රියා නම් කුඩා දැරියකි.

පොලීසිය සැකපළකරන්නේ පවුල් ආරවුලක් මත සැකකාර කාන්තාව සිය මිණිබිරිය ව මෙලෙස ලිඳට තල්ලුකර ඝාතනය කර ඇති බවටයි . දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බව සඳහන් වෙයි.

සැකකාර මිත්තණිය සුදාමා නමැති 50 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. ඇය මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ දියත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Sponsored By Sarrita Jewellery

කොහොමද මෙහෙම හිතුවේවත්..? කුඩා දැරියකට බිහිසුණු අපරාධයක් කළ ආච්චිඅම්මා.. | A Grandmother Who Committed A Horrific Crime