ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගන්න මෙන්න අලුත් ගැසට් පත්‍රයක්. - ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කෙර්.

Sri Lanka Government Of Sri Lanka Ministry of Defense Sri Lanka Citizenship
By Wayomi May 30, 2024 03:50 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති අතර එය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු හෝ පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ මෙරට පුරවැසිභාවය නතර වී ඇති මෙන්ම විදේශීය කාලත්‍රයෙකුට නව රෙගුලාසි යටතේ විවාහ වී මාස 6කට පසු අයදුම් කිරිමට අවස්ථාව හිමිවෙනවා.

එමෙන්ම විවාහය වසර 5කට පෙර අහෝසි වුවහොත් ස්ථීර පදිංචි තත්ත්වය ස්වයංක්‍රීයව අහෝසි වන වනු ඇති.

මෙහිදී තම මව්පියන්, මුත්තණුවන් දිවයිනේ උපත ලද හෝ තවමත් පුරවැසියන් වන පුද්ගලයෙකු ශ්‍රි ලංකා සම්භවයක් සහිත අයෙකු ලෙස හදුන්වනු ලබනවා.

මේ යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ප්‍රාථමික අයදුම්කරුවෙකු සදහා ඩොලර් 1,000ක ගාස්තුවක් අයකරන අතර ශ්‍රි ලාංකික නොවන කාලත්‍රයෙකු සඳහා මෙන්ම ළමුන් සදහා ද ඩොලර් 400ක ගාස්තුවක් අය කරනු ලබන අතර 2024 මැයි මස 7වන දිනැති අංක 2383 / 17 දරණ ගැසට් පත්‍රය මගින් මීට අදාළ අයදුම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery