සමනල අඩවියේ සැඟවුණු පලතුරු උයනක්

Gossip Today Tourism History of Sri Lanka Sinhala news
By Hashan May 22, 2025 11:47 AM GMT
Hashan

Hashan

Report

" බුද්ධං සරණේ සිරස දරාගෙන - ධම්මං සරණේ සිත පහදාගෙන

සංඝං සරණේ සිවුුරු දරාගෙන - මේ තුන් සරණේ අපි අදහාගෙන "

මේ තුන් සරණේ කවිය ඇහෙද්දී අපි හැමෝටම මතක් වෙන්නේ ඉතින් සිරිපා කරුණා කරන හැටි නේ..... සිරිපා අඩවිය කියන්නේ මෙරට පූජනීය හා විස්මිත කලාපයක් විදිහට හදුන්වන භූමියක්. 

සිරිපා අඩවිය ගැන ජනවහරේ බොහෝ කතා තියෙනවා . ශ්‍රී පාද සංස්කෘතිය මුල් කොටගත් රසවත් ජන විශ්වාසක් තමයි අද මේ කියන්න හදන්නේ...

සිරිපා හිමය හෙවත් සමනල අඩවිය තුළ ලොවින් සැඟවුණු පලතුරු උයනක් තිබෙනවා...ඒ සැගවුණු පලතුරු උයනේ හිමිකාරයා තමයි සුමන සමන් දෙවියෝ  කියන්නේ.   

සිරිපා හිමයේ ඇවිදින අතරේ බැරිවීමකින් හෝ ඒ පලතුරු උයනට පිවිසෙන්නෙකු හට කුස පුරා, සිත පුරා ඇති පලතුරු කන්න පුළුවන්... ඊට සමන් දෙවියන්ගෙන් කිසිම බාධාවක් නෑ....  ඒත් ඒ උයනේ කිසිම පලතුරක් කොයි විදියකින්වත් පිටතට ගෙන යන්නට සමන් දෙවියන්ගෙන් කිසිවෙකුටත් අවසර නම් නැහැ.

" එහෙම කියන්නේ මේ ප්‍රදේශයේ ජිවත් වෙන පැරණි මිනිස්සු...

සමහර ගැමියන් සිරිපා අඩවියේ අතරමං වී ඉබාගාතේ ඇවිදිනකොට මේ පලතුරු උයන හමුවෙලා තියෙනවලු... එහෙම අතරමං වෙලා පලතුරු උයන හමුවුණු ගැමියෙක් පුවත්පතකට කියපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ ...

පලාබද්දල ඉහළ පවනැල්ලේ එල්.ඒරොන් හෙවත් ‘ ඒරොන්මාමා’ වසර දහයකට ළංවෙන කාලයක් සිරිපා හිමියේ කුණු දිය පර්වතය ආශ්‍රිතව ගල් ගුහාවක හුදක්ලාවේ දිවි ගෙවන ලද අපූර්ව වීර චරිතයක්.   

ඉතින් මේ ඒ ගැමියාගේ කතාවයි...

“මම ඒ කාලෙ හිමයේ කුණු දිය පර්වතය කිට්ටුව හිමයේ ගල් ගුහාවක නතර වෙලා තමයි හිමයේ කිතුල් මැදලා, පැණි උණු කරලා, හකුරු හදන්නෙ.  මිනිස් පුළුටක්වත් නැති ඒ වගේ මහා වනාන්තරයක සතිය හමාර තනියම ජීවත් වෙනවා කියන එක ලේසි පහසු කාරියක් නෙවේ.  ඒ කාලේ මම සතියකට, දවස් දහයකට විතර උවමනා හාල්, පොල්, පරිප්පු වගේ දෙවල් පොදියක් කරේ තියාගෙන උඩහ දොරල කඩේ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) ළඟින් හැරිලා ගල්පොත්තාව ඔය ඉවුර දිගේ හැතැක්ම පහ හයක් මහ කැලේ මැද්දෙන් උඩට නගිනවා.

හරක් කටාට උදව් කරපු කොස්තාපල් රිමාන්ඩ්

හරක් කටාට උදව් කරපු කොස්තාපල් රිමාන්ඩ්

ඒ හරියේ තියෙන කිතුල් මැදලා, පැණි උණු කරලා,හකුරු හදාගෙන සතියකට, දවස් දහයකට පස්සේ තමයි පහළට එන්නේ.  ඒ කාලේ ඇතුළත හිමේ තියෙන ගල් ගුහාවක් ඇතුළේ උයාගෙන කාලා, පැණිඋණු කරලා, හකුරු හදනවා.”

“මේ සිද්ධිය වුණේ 1984 අවුරුද්දේ විතර.  ඔන්න මම එහෙම හිමේ තනිවෙලා ඉන්නකොට අකාලේ මහා වැස්සක් කඩාගෙන වැටුණා.  මට කිතුල් මදින්න තියා ගල් ගුහාවෙන් එක අඩියක් එළියට තියාගන්න බැහැ. අකුණු වල සද්දෙ ගල් ගුහාව ඇතුළට එන්නෙ කන් අඩි පුපුරන ගාණට. කොහොම හරි දවස් තුන හතරක් ගියත් වැස්ස නවතින පාටකුත් නෑ.  මම ගෙනිච්ච හාල්,පොල් එහෙමත් ඉවර වේගෙන එන්නේ. 

ගල්ගුහාව ඇතුළට වතුර ඇවිත්, දර තෙමිලා තේ ඩිංගක් බොන්නවත් බැහැ.  අන්තිමට මට සිද්ධ වෙන්නේ ඒ ගල්ගුහාව ඇතුළෙම මැරෙන්න තමයි කියලා තේරුම්ගත්තු මම ආපහු ගමට එන්න හිතාගෙන එළියට බැස්සා.  ඒත් එතකොටත් වහිනවා.

ගල්පොත්තාව ඔය පිටාර ගලලා හින්දා වෙනදා එන ක්‍රමේට පහළට බහින්න තියා හිතාගන්නවත් බැහැ.  කොහොමහරි මම ඔය විදිහට හිමේ ඇවිදිනකොට මට තේරුණා මං අතරමං වුණා කියලා.

ඒත් මොනවා කරන්නද සමන් දෙවියන්ගෙ පිහිටාරක්ෂාවයි කියලා හිතාගෙන ඔහේ ඔලුව හැරුණු අතේ ඇවිදගෙන ගියා.”

ඔන්න ඉතින් කතාවේ හොදම ටිකට ආවා

“මම ඔය විදිහට පැය කීපයක්, දවස් කීපයක් ඇවිද්දද කියලා අදටත් මට නිනව්වක් නෑ.  මට ඒ සේරම හීනයක් වගේ.  ඔන්න එක පාරටම මම දැක්කා එක උදේක හරිම අපූරුවට රත්තරන් පාටට ඉර පායාගෙන එනවා. බලන්න ලස්සනයි.  ඒ ඉර එළියෙන් මට පේනවා සිය දාස් ගණන් පොකුරු පහළට නැමිලා තියෙන ජම්බු ගස්. ඒවායින් පිනි බේරෙනවා. 

මම පැනපු ගමන් ඒ ජම්බු කඩාගෙන කාගෙන ගියා.... ඒකෙන් මගෙ බඩගින්න වගේම තෙහෙට්ටුවත් නැත්තටම නැති වුණා.  ඒ ජම්බුවල රහ නම් මට හිතාගන්නවත් බෑ.  කොහොම හරි ඊට පස්සේ ඇවිද ගෙන යන කොට මාව එකපාරටම උඩහ කෙකටිය කඳ (ශ්‍රී පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ නවාතැන්පළකි) හරියෙන් මතුවුණා කියමුකෝ. 

මට දැන් සහතිකයි මට ඒ හම්බවුණේ සමන් දෙවියන්ගෙ පලතුරු උයන කියන එක.  ඒත් ඒක තියෙන්නේ කොහේද කියන එක නම් අදටත් ප්‍රශ්නයක්.”

ගුරුවරුන් ඉල්ලා සිසුන් පාරට බසිති

ගුරුවරුන් ඉල්ලා සිසුන් පාරට බසිති

මේ ඒ වගේ තවත් කතාවක් ,පහළගම සිමියොන් සිංඥෝ මුදලාලි මහතා කියපු ,

එතුමාගේ සීයා කෙනෙක් සිරිපාදේ ගිහින්... ඒ ගිහින් එද්දී නඩේ මග ඇරිලා.. ඒ කාලේ අද වගේ නෙමයිනේ.. එද්දී අතරමං වෙලා.. කැලේ ඇවිද ඇවිද බඩගින්නේ ඉන්නකොට එක පාරටම පලතුරු ගස් හුඟාක් තියෙන හරියකට ඇවිත්... සුවඳම සුවඳයිලු.. හරිම ලස්සනයිලු... බඩගින්නේ හිටපු සීයා බඩ පිරෙන්න පළතුරු කෑවාලු... පලතුරු කාලා එලියට එන්න ඉබේම පාරක් හමුවෙලා... ඒ එනකොට සිරිපාදේට යන අඩි පාරට ඇවිත්... පහළ මිනිස්සු දැක්කලු ... දැක්කම .. මේ සීයා කතා කරලා විස්තර එහෙම කියලා...

අනේ ඒක හාස්කමක්... සමන්දෙයියන්ගේ පිහිටෙන් බේරිලා ඇවිත් තියෙන්නේ... ඔය හම්බෙලා තියෙන්නේ ඒ උත්තමයාගේ පලතුරු උයන කියලා කිව්වලු...

මේ වගේ කතා තව සිය ගණනක් එම ප්‍රදේශවල ජනතාව අතරේ තිබෙනවා... ඉතිං මේ ජනප්‍රවාදය ඇත්තකමද ? කියන එක දන්නේ ඒ සිදුවීමට මුහුණු දුන්නු අය විතරයි.... 

ReeCha