දකුණ ගැන බය හිතෙන අනාවරණයක්.... හදිසි තින්දුවකුත් ගනී
ශ්‍රී ලංකාවේ දෙවැනියට අපරාධ සිදුවන පළාත බවට දකුණු පළාත පත්ව ඇති බැවින් මෙකී අපරාධවලට හේතුවන කරුණු සොයා බැලීම සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරීමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
මෙම පර්යේෂණය රුහුණු විශ්වවිද්‍යාලය මගින් සිදුකරන බවද හෙතෙම පවසයි. ඒ පිළිබඳ විශ්වවිද්‍යාලයේ බලධාරීන් සමග සාකච්ඡාකොට ඇති බවත් මෙකී පර්යේෂණය මගින් අපරාධ ඇතිවීමට හේතු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දන්වා ඇති බවද ආණ්ඩුකාර බන්දු හරිස්චන්ද්‍ර මහතා පෙන්වා දෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත හැරුණුවිට දෙවැනියට වැඩිම අපරාධ සිදුවන්නේ දකුණු පළාත තුළ. ආරක්ෂක කමිටුවේ දී අපි තීන්දුවක් ගත්තා අපරාධ ඇතිවීමට හේතුවන සමාජිය ගැටලු සොයාබැලීම සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්න.
අපරාධ ඇතිවීමට හේතුව මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ගැටලු ද? ඉඩම් හා කප්පම් ගැනීම ද යන්න පිළිබඳ සොයාබැලිය යුතුයි. පොලිසිය සතුව අපරාධ තොරතුරු, අපරාධ වූ ස්ථාන, අධිකරණයේ දඬුවම් ලබාදීම පිළිබඳ තාක්ෂණික තොරතුරු තියෙනවා.
