හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේම රෝගල්ගත කෙරේ.
By Wayomi
දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් ඊයේ (02) චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ,හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන්.
පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වෙනි වතාවටයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය පෙබරවාරී 29 දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ තිබුනා.
එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.
