කොකේන් තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට.

Report

රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 4ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශාල වටිනාකමකින් යුත් මෙම කොකේන් තොගය කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් කරන ලද පරීක්‍ෂාවකදී හමු වී තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ දෝහා සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් යානයකින් 34 හැවිරිදි කෙන්යානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබෙනවා.

කොකේන් තොගය බිස්කට් ටින් 3ක අසුරා තිබියදී සොයාගෙන තිබෙනවා.

සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ හරහාය.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදීමට නියමිතයි. 

කොකේන් තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට. | A Foreigner Was Arrested With A Load Of Cocaine