විදේශිකයෙකු මාතර රෝහලේදී මියයයි.

By Hashini Sep 17, 2023 09:02 AM GMT
Report

වැලිගම පොලිසිය සඳහන් කරන පරිදි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එම ඊජිප්තු ජාතිකයා පසුගිය 3 වැනිදා ඔහු නැවතී සිටි හෝටලයේ හිමිකරුට පිහියකින් පහර දී තුවාල සිදු කර හෝටල් ගොඩනැඟිල්ල ගිනි තබා විනාශ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබුණා. 

වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතරම ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.