මුතූර් ධීවර යාත්‍රාවක් පෙරළේ එක් අයෙක් අතුරුදහන්
මසුන් ඇල්ලීම සඳහා මුතූර් ප්‍රදේශයෙන් මුහුදට ගිය ධීවර යාත්‍රාවක් අද දින පෙරළී යාමෙන් එක් ධීවරයකු අතුරුදහන් වී ඇති බවට සඳහන්වේ.
මුහුදු යන විට එම යාත්‍රාවේ ධීවර කාර්මිකයන් දෙදෙනෙකු සිට තිබේ. එයින් එක් පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවට ත්‍රිකුණාමල වරාය පොලිසිය සඳහන් කරයි.
මුතූර්, තක්වානගර් පදිංචි අබ්දූල් දනූත් අනර් (35) නමැති අයයි මෙලෙස අතුරුදහන් වී ඇත්තේ. මුතූර් ජින්නානගර් පදිංචි මොහොමදු ජාබීර් මොහොමදු ෆයිසර් (28) නමැති අය මෙසේ දිවි බේරාගෙන තිබෙනවා.
අතුරුදහන් වූ ධීවර කාර්මිකයා සොයා ගැනීම සඳහා සාම්පූර් පොලිසිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කෞශල්‍ය නානායක්කාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.