මසුන් ඇල්ලීමට ගිය ධීවරයාට හදිසි මත්ස්‍ය ප්‍රහාරයක්..
By Piyumika
යාපනය ගුරුනර් හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කර තිබේ.
විෂ මොරල්ලගේ තුඩුවේ ප්‍රහාරයෙන් එම ධිවරයාගේ ගෙල සිදුරුවී ඇති අතර ඔහූ සමඟ ගිය සෙසු ධිවරයින් තුවාල ලැබූ ධිවාරයා ගොඩ බිමට රැගෙනවිත් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.එහිදී ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් පමණ වන ගුරු නගර් 05 වන පටුමගේ පදිංචි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.
මෙම විෂ සහිත මොරල්ලන් ධීවරයින් මුහුදු ජලයට ආසන්නයේ සිටින විට එක්වරම උඩට පැන ප්‍රහාර එල්ල කරන බව සදහන් වේ.