ප්‍රධාන නගරයක හදිසි ගින්නක්..හේතුව තවමත් නොදනී..
By Aruna
පස්සර නගරයේ පිහිටි කුළු බඩු වෙළඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වනවා.
කෙසේවෙතත්, පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ජල බවුසරය හා බදුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩ පවත්වා ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාළ ගින්න හේතුවෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.